Crop Suitability
Krushi SMS
Cropforcast
Procument
 
Procument 
Procument 

ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට අමු කරපිංචා රැගෙන යාම, අපනයනය තහනම්

අමු කරපිංචා කෙළ, රිකිලි ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත අපනයනය කිරීම හෝ වෙනත් ආකාරයකින් රැගෙන යාම තහනම් කරන ලද ද්‍රව්‍යයකි.

එමඟින් දැනට යුරෝපය තුළ නොමැති ශාක පළිබෝධයකු වන දෙහි කුලයේ ශාක පත්‍ර, රිකිලි කහ පැහැ ගැන්වීමේ රෝගය ( Citrus grenning / Yellow shoot disease) ඇති කරන Candidatusliberibacter බැක්ටීරියාව එරටට ප්‍රවේශ වේ යැයි වූ අවදානම අවම කර ගැනීමේ අරමුණින් මෙම තහනම පනවා ඇත.

මේ හේතුවෙන් අමු කරපිංචා විවිධ ආකාරයෙන් (ගමන් මලු තුළ, කුඩා අපනයන තොග ලෙස, තැපැල් පාර්සල් ලෙස) යුරෝපා සංගමයට අයත් රටවලට යැවුවහොත් එරට ගුවන් තොටුපල වලදී පරීක්ෂාවට ලක් කර රඳවා ගනු ලබන අතර ශ්‍රී ලංකාවට අනනුකූලතා වාර්තාවක් එවනු ලබයි.

මෙවැනි අනනුකූලතා වාර්තා සංඛ්‍යාව වැඩි වන විට යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන එළවළු/පළතුරු පොදුවේ තහනමට ලක් වීමට වූ අවදානම වැඩි වනු ඇත.

කෙසේ වුවද අධිශීතකරණය (frozen)කරන ලද හා බ්ලාන්චිකරණය (blanching) කරන ලද කරපිංචා එම රටවලට රැගෙන යාමේ තහනමක් නැත.

මේ පිළිබඳව යුරෝපා සංගමයට අයත් රටවලට ගමන් කරන සහ එම රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම අමු කරපිංචා අපනයනයෙහි යෙදෙන ශ්‍රී ලාංකික අපනයනකරුවන් ද සැළකිලිමත් විය යුතුය