පළිබෝධ නාශක භාවිතය සඳහා යොදාගත හැකි යාන්ත්‍රික ක්‍රම


පළිබෝධ නාශක අවිධිමත් ලෙස පරිහරණය කිරීම තුළින් අහිතකර පාරිසරික බලපෑම් උග්‍රවී තිබේ. පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රාශියක් කෙටි හා දිගු කාලීන ප්‍රතිවිපාක රාශියක් ප්‍රතිනිර්මාණය වේ. මේ පසුබිම මත ආරක්ෂාකාරී ලෙස පළිබෝධ නාශක භාවිතයට පෙළබීමෙන් මානව සංවර්ධනයට හා සෞඛ්‍ය වශයෙන් සාධනිය තත්ත්වයක් ඇතිකරගත හැකි වනු ඇත.

කෘෂිකාර්මික වගා ක්ෂේත්‍රයේදී මෙන් ගෙවතු වගාවේද මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ කෘමි සතුන්ගෙන්, දිලීර ආසාදන හා වල්පැලෑටි අක්‍රමණ මගින් භෝග වගාවන් හා අනෙකුත් වගාවන්වලදී සිදුවන හානි වළකා ගැනීමයි. සාම්ප්‍රධායික සමාජයේදී අනුගමනය කරනු ලැබු කෙම් ක්‍රම උගුල් ඇටවීම් ඇට තැබීම් හා ශාක සාර නිස්සාරක භාවිතය ආදී සාම්ප්‍රදායික ක්‍රම දේශගුණික වෙනස්කම් මත අදවන විට භාවිතයට ගැනුනද රසායනික නිපදවීම් සමාජය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම ක්‍රමයෙන් ඈත්වෙමින් ඇත. මේ නිසා වඩාත් කාර්යක්ෂම හා ප්‍රතිඵලදායී ක්‍රමවේදයක් ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇත. කෘෂිකර්මයේ සංවර්ධනයට පැලෑටි හා භෝග වගා ආරක්ෂා කරගැනීමට රසායනික ද්‍රව්‍ය ජලය සමඟ මිශ්‍ර කර භෝග වගාව සඳහා භාවිතයට පහත යාන්ත්‍රික උපකරණ බහුලව භාවිතා වේ.

අත් ඉසින යන්ත්‍ර

කුඩා ප්‍රමාණයේ යන්ත්‍රයක් වන මෙය අතින් අල්වා ක්‍රියාකරන යන්ත්‍රයකි. දියරමය පළිබෝධනාශක හෝ දියරමය පොහොර යෙදීම උදෙසා මෙය භාවිතා කළ හැකිය.

සුළං ධාරා ඉසින යන්ත්‍ර

දියරමය රසායනික ද්‍රව්‍ය මෙන්ම කැට හෝ කුඩු ඉසීම පිණිස උපයෝගිකර ගත හැකි උපකරණයකි. දියර ඉතා කුඩා අංශුවලට කඩා දියර විසර්ජනය කිරීමේ හැකියාව ඇත.මීටර් 4 සිට 6 පලලටත් මීටර් 3 සිට 5 දක්වා උසකට හා දුරකට විසර්ජනය කළ හැක එසේම එම ප්‍රමාණයන්ට අදාල ඉසින යන්ත්‍ර මිලදී ගත හැක.


පීඩන ආකාරයේ ඉසින යන්ත්‍ර

පීඩන ආකාරයේ ඉසින යන්ත්‍ර අතේ එල්ලා ගෙන යා හැකි හා උරහිසේ රඳවා ගෙන යන ආකාරයකට නිපදවා තිබේ.බෝග වගාවේ දියරමය පළිබෝධනාශක භාවිතයට යොදාගත හැක.අර්ධ ස්වයංක්‍රීය වන මෙය 8L සිට 16 L(ලීටර්) දක්වා ප්‍රමාණයක් ගෙන් යුක්ත වන අතර ජනප්‍රිය ඉසින යන්ත්‍රයකි.


පිස්ටන් ආකාරයේ ඉසින යන්ත්‍ර

බාහිර පිස්ටන් ආකාරයේ හා අභ්‍යන්තර පිස්ටන් ආකාරයේ ලෙස ඉසින යන්ත්‍ර ආකාර දෙකකින් යුක්තයි. දියරමය පළිබෝධනාශක භාවිතයට සුදුසු වේ.


බූමකරණ යන්ත්‍ර (Mist Blower )

ශාක පත්‍ර හොඳින් තෙත්වන පරිදි රසායනික ද්‍රව්‍ය යෙදීම මෙමගින් කළ හැක. මීටර් 5 දුරකට ද්‍රව්‍ය අංශ විසර්ජනය කිරීමේ හැකියාව පැවතීම නිසා කෙසෙල් පෙයාස් හා කොකෝවා වගාවල පළිබෝධ පාලනයට සාර්ථකව භාවිතා කළ හැකි උපකරණයකි.


ට්‍රැක්ටර් ඇමුණුම් දියර ඉසින යන්ත්‍ර (Tractor mounted sprayer)

සිවුරෝද ට්‍රැක්ටර් සමග සම්බන්ධකර ඔසවාගෙන ආකාරයෙන් නිර්මාණය කර ඇති උපකරණයකි . ලීටර් 100 සිට 800 ( සීය/ අටසීය) දක්වා වූ විවිධ ප්‍රමාණයෙන් යුත් මෙම උපකරණ නිපදවා ඇත. දෙපසට විහිදෙන ප්‍රමාණය 4 මීටර් (m ) සිට 16මීටර් (m ) දක්වා විවිධ ප්‍රමාණයේ දිග නැසි එම දණ්ඩට සවිකර භාවිතා කර නිර්මාණය කර තිබේ.