Crop Suitability
E SMS
ASDAbb
Cropforcast
Procument 
Procument 

 

එලවඵ පිටරට යැවීමේදී බෝග ගැටළු අවම කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

 

 

එළවළු වර්ග මෙරටින් විදේශ රටවලට ආනයනය කිරීමේදී පළිබෝධ ගැටලුවලින් තොරව එම කටයුතු සිදු කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙලක් සංවිධාන කර තිබේ.

 

ඒ අනුව කෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්ෂණ සේවය, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යසථානය, ජාතික ශාක නිරෝධායන සේවය හා බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය යන ආයතන එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි.

 

මෙම වැඩපිළිවෙල යටතේ තක්කාලි, වම්බටු, බණ්ඩක්කා, පළා වර්ග වැනි එළවළු වර්ග වගා කිරීමේදී පළිබෝධවලින් තොරව වගා කටයුතු සිදු කරන ආකාරය හා ජෛව විවිධාත්මක ලෙස පළිබෝධකයන් පාලනය කර ගන්නා ආකාරය පිළිබදව ගොවීන් දැනුවත් කිරීම සිදු කෙරේ.

 

එමෙන්ම මෙම වැඩසටහන යටතේ ගොවි ක්ෂේත්‍රවල සැකසූ ආදර්ශන මගින් පළිබෝධකයින් පාලනය කර ගන්නා ආකාරය පිළිබදව දැනුවත් කිරීම ද සිදු කෙරෙනු ඇත.