Crop Suitability
E SMS
Seed Databse
Cropforcast
Procument 

මී පැණි නිෂ්පාදනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක්
2017 වසරේ මී මැසි ගම්මාන 05ක් අම්පාර අන්තර් පළාත් බල ප‍්‍රදේශය තුළ පිහිටු වීම සදහා කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව ගොවීන් 100 දෙනෙකු සදහා ප‍්‍රතිපාදන වෙන් කෙරේ.  
ගොවීන් හට මී මැසි ජනපද මිලදී ගැනීම සදහා මුදල් ලබා දෙන අතර මී මැසි පෙට්ටි හා දුම් විසිරුම් නොමිලේ ලබා දෙනු ලැබේ.  
ශි‍්‍ර ලංකාව තුළ මී පැණි නිෂ්පාදන ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ බව අම්පාර අන්තර් පළාත් කාර්යාලයේ මාධ්‍ය සම්බන්ධීකාරක උදයසිරි සමන් කුමාර මහතා ප‍්‍රකාශ කළ අතර , මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා කොට්ඨාශ භාර කෘෂිකර්ම උපදේශකතුමන් හමුවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

 

කෘෂි FM (ගුවන් විදුලි ගොවි සේවාවේ) පුවත් ඇසුරිනි.