ABOUT SPMDC

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා‍ රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවර්ධනය කරන ලද වගා ද්‍රව්‍යයන් වන තත්ත්වයෙන් උසස් බීජ හා‍ රෝපණ ද්‍රව්‍යය ප්‍රමාණවත් තරම් නිෂ්පාදනය කිරීමේ හා සැපයීමේ වගකීම දරණ බීජ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රධානතම නියෝජිත ආයතනයයි.

වසර ගණනාවක් පුරා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදනය කරනු ලබන බීජ හා‍ රෝපණ ද්‍රව්‍ය කෙරෙහි විශ්වාසය තැබීමට ගොවීහු හුරු වී සිටිති. එබැවින්, එකී වගකීම සපුරාලීම සඳහා කලාපීය මධ්‍යස්ථාන සහ එම අංශයට අයත් රජයේ බීජ නිෂ්පාදන ගොවිපල මඟින් විවිධ වූ වැඩසටහන් මෙහෙයවනු ලබයි.

තත්ත්වයෙන් උසස් බීජ සඳහා වැඩිවෙමින් පවතින ඉල්ලුම හමුවේ බීජ නිෂ්පාදන කාර්යයට දායකවීමට පෞද්ගලික අංශයද දිරිමත් කරනු ලැබීය. පෞද්ගලික අංශයේ බොහෝ ආයතනවල මැදිහත්වීමද ඇතුව 1996 වසරේදී ජාතික බීජ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ජාතික බීජ ප්‍රතිපත්තියේ මූලික අරමුණ වන්නේ ගොවීන්ට තත්ත්වයෙන් උසස් බීජ හා රෝපණ ද්‍රව්‍ය පහසුවෙන් ලබාගැනීමේ ප්‍රවේශයක් සඳහා පහසුකම් සැලසීමට හැකි බීජ ව්‍යාපාර ස්තාපනය කිරීමයි.
Mission
පාරිභෝගිකයින්ට තත්ත්වයෙන් උසස් බීජ හා‍ රෝපණ ද්‍රව්‍ය තරඟකාරි මිල ගණන්වලට කලට වේලාවට ලබාදීම තහවුරු කිරීම.
Objectives
  • මූලික බීජ හා‍ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය
  • කොන්ත්‍රාත් වගාකරුවන් සමඟ එක්ව සහතික කරන ලද බීජ නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම
  • රජයේ බීජ ගොවිපල කළමනාකරණය
  • බීජ කර්මාන්තය සංවර්ධනය කිරීම සහ සමායෝජනය කිරීම
  • ආරක්ෂිත බීජ තොග පවත්වා ගැනීම
  • බීජ හා‍ රෝපණ ද්‍රව්‍ය සැපයීමේ වැඩසටහන සමායෝජනය කිරීම

Director
Mr. D.J.L. Sunil Govinnage