සුදුළූණු

එදිනෙදා ආහාර වේලට එක්කර ගන්නා වැදගත් කුළුබඩු ද්‍රව්‍යක්(Condiment) අතර සුදුළූණු ගෙඩියට ද නොදෙවෙනි තැනක් හිමිවේ.

ඊට වඩා විශේෂත්වය වන්නේ එයටම ආවේණික වූ ගුණයත් ,බැක්ටීරියා සහ දිලීර රෝග මර්ධනය කිරිමේ (Antibiotic)හැකියාවත්ය.

ඇලියම් සැටයිවම්(Alliumsatiuam) යන උද්භිත නාමයෙන් හඳුන්වන සුදුළූණු ශාකය(Garlic) , ලීක්ස් , ළූණු සහ වල්ළූණු ඇතුලත් ලිලිඒසියේ(Liliaceae) පවුලේ තවත් සාමාජිකයෙකි.

මෙම පැලෑටියේ මුල් නිජබිම මධ්‍යම ආසියාව බැව් උද්භිත විද්‍යාඥයින්ගේ මතයයි.සාමාන්‍ය සුදුළූණු ශාකය පැලෑටිය මෙන් වර්‍ධනය වන මෙහි පත්‍ර දැඩිය.බී ළූණු පත්‍ර මෙන් තලාකාර හැඩයෙන් වෙනස්ය.පත්‍ර තියුණු තලවක් මෙන් පොළොවට සමාන්තරව පිහිටයි.

පැලෑටිය වර්‍ධනය වීමෙන් පාදය කොටසට ආසන්නයේ රවුම් අලයක් හට ගනී.සියුම් වූ බල්බීය ආවරණය පත්‍ර මගින් තනි තනිව පිහිටි බික්(Cloves) සමුහයක් ඒකරාශි වීමෙන් සුදුළූණු බල්බයක් නිර්මාණය වී ඇත.දිව දවායන සැර ගතියකින් යුතු සුදුළූණු බික්වල ආවේණික සැර සුවදක්ද ඇත.

සාමාන්‍ය ළූණු පැලෑටියේ මෙන් සුදුළූණු පුෂ්පයේ සත්‍ය බීජ(Viableseed) හටගන්නේ නැත.බික් මඟින් වර්‍ධක ප්‍රචාරණය සිදු කෙරේ.ආහාර වල රසකාරකයක්(Flavour) ලෙසින්ම නොව ඖෂධයක් වශයෙන් ද සුදුළූණු වල ඇති වැදගත්කම සුළුපටු නොවේ.මනුෂ්‍යයන්ට සතුරුකම් කරන පීනස , ස්වාසරෝග, සමේ රෝග වැනි රෝග පාලනය කිරීමේ ප්‍රබල හැකියාවක් ඇති බැව් දෙස් විදෙස් වෛද්‍යවරු විසින් සනාථ කර ඇත.

සුදුසු දේශගුණය :
මුහුදු මට්ටමේ සිට අඩි 3000-4000 ටත් ඉහලින් පිහිටි ප්‍රදේශ සුදුළූණු පැලෑටියේ වර්‍ධනයට හිතකර දේශගුණික තත්වයන්ය.දැනට උඩරට තෙත් කලාපයේ හා උඩරට අන්තර් කලාපයේ පාරම්පරිකව වගා කරනු ලැබේ.

යෝග්‍ය පස :හොඳින් ජලය බැසයන සැහැල්ලු වැලි පස් හා වැලිලෝම පස යෝග්‍යය.සුදුසු පී.එච්.අගය 6-7 දක්වා වේ.

දැනට ශ්‍රි ලංකාවේ දේශිය වශයෙන් වගාකරන වපසරිය පහත දැක්වෙන සටහනෙන් පැහැදිලි වේ.

වගාභූමි ප්‍රමාණය

හෙක්:

මුලු නිශ්පාදනය

මෙ./ටොන්

මුලු අවශ්‍යතාවය

මෙ./ටොන්

වර්‍ෂයකට ආනයනය

මෙ./ටොන්

50

500

5000

4500

මූලාශ්‍රය :කෘෂිකර්‍ම ක්‍රියාත්මක වැඩ සටහන -89-90/91-92

මේ අනුව අපගේ දෛනික අවශ්‍යතාවය සදහා වසරකට ටොන් 4000-5000 ත් අතර ප්‍රමාණයක් ආනයනය කිරීමට විදේශ විනිමය මිලියන 9.5 ක් පමණ වැය කරයි.

සුදුළූණු පැලෑටියේ වර්‍ධනයට යෝග්‍ය හොඳම දේශගුණික තත්වයන් අප රටෙහි ඇත.

වසර පුරාම හොඳ වෙළඳ පොලක් තිබෙන බෝගයක් වුවත් මාස 3 1/2 - 4 වැනි දිගු වයස් පැලෑටියක් වීමෙන් වගාවේදී මතුවන වල් මර්ධන කටයුතු අපහසුවීමත් මෙය ජනප්‍රිය නොවීමට හේතුවේ.

වගා කරන ප්‍රභේද :

දැනට වගා කරන කප්පෙටිපොල වරණය අනිකුත් විදේශිය වර්‍ග වලට වඩා තවමත් ඉදිරියෙන් සිටී.

වර්‍ගය

වයස/දින

අලයේ වර්ණය

බික් සංඛ්‍යාව

සැරගතිය

අස්වැන්න(ටො/හෙ)

ලම්බුපුට්ටි(ඉන්දුනීසියා)

112

සුදු/දුඹුරු

6-8

වැඩි

6-8

බටන්ගස්වයිට්(පිලිපීන)

120

සුදු

8-10

සාමාන්‍ය

10-12

කප්පෙටිපොල වරණය

120

සුදු

8-10

වැඩි

12-20

ශ්‍රි ලංකා ගෘහණියට නැතිවම බැරි මුලුතැන්ගේ හිතවතා බැරි මුලුතැන්ගේ හිතවතා සුදුළූණු ගෙඩියයි.වසරින් වසර එයට තිබෙන ඉල්ලුම ඉහළ යන හෙයින් පාරම්පරික සුදුළූණු වගාව නංවාලීමට කාගෙත් අවධානය යොමුවිය යුතු අවස්ථාව පැමිණ ඇත.දිරාපත් කොම්පෝස්ට්, සුදුළූණු පැලෑටියේ වැඩීමට ඉතා අගනා ශාක ආහාරයකි.ගෙවත්තේ වගාකරන දේශිය සුදුළූණු වර්ගයට දිරූ කොම්පෝස්ට් ද්‍රව්‍ය ලබාදීමෙන් විදේශිය වර්‍ග තරම් ලොකු බික් සහිත මහත් වූ බල්බ ලබාගත හැකි බව ගොවින්ගේ ක්ෂේත්‍ර වලින් පැහැදිලි විය.

වගාව සඳහා ගෙවත්ත සූදානම් කිරීම :

සාමාන්‍යයෙන් වගාව ආරම්භ කරන්නේ යල් කන්නයේදී නම් මැයි ජූනි මාස වලත් මහ කන්නයේදී නම් දෙසැම්බර් ජනවාරි මුල් කාලයෙත් අතරය.

බිම් සැකසුම :

පොළෙව සෙ.මී.25-30 (අඟල් 10-12) ගැඹුරට පෙරලා සියුම්ව සකස් වනතුරු කැට පොඩිකර දමන්න.යල් කන්නයේදී නම් සාමාන්‍ය උසින් යුතු සෙ.මී.90 (අඩි 3) පළල මීටර් 3 (අඩි 9 ) දිගින් යුතු පාත්තිද මහ කන්නයේදී වැඩි ජලය පාලනය කිරිමට පහසු සෙ.මී.15 - 20 (අඟල් 6 - 8 ) උස් වූ පාත්ති සකසා ගන්න.

සිටුවීමට යෝග්‍ය පරතරය හා පාත්ති සලකුණු කිරිම :

සෙ.මී.10 × සෙ.මී.10 අඟල් 4 × අඟල් 4

සෙ.මී.10 × සෙ.මී.15 අඟල් 4 × අඟල් 6

සෙ.මී.15 × සෙ.මී.15 අඟල් 6 × අඟල් 6

1 ක්‍රමයේදී සාමාන්‍ය පරිදි වර්‍ග මීටරයක ප්‍රමාණයට කොම්පෝස්ට් කි.ග්‍රෑ. 3 - 4 පාත්තිය මත ඒකාකාරව විසුරුවා මතුපිට පස සමඟ මද වශයෙන් මිශ්‍ර කරන්න.පාත්තිය සමතලා කර අවශ්‍ය පමණට පරතර සහිතව සෙ.මී.15 - 2.0 හිල් සළකුණු කරන්න.

2 ක්‍රමයේදී පාත්තිය මත අවශ්‍ය පරතරයට සෙ.මී.4 - 5 වන සේ (අඟල් 2) හීරි කපා ඒවා තුලට කොම්පෝස්ට් ද්‍රව්‍ය ඉහත සඳහන් ප්‍රමාණයට එකතු කර මඳ වශයෙන් පස් සමඟ මිශ්‍රකර සමතලා කරන්න.හීරි දිගේ අවශ්‍ය පරතර වලට බීජ සිටුවිය හැකිය.

බීජ සිටුවීමට පෙර රසායනික පොහොර භාවිතය :

වර්ග මීටර් 100කට (අක්කර 1/16) ප්‍රමාණයට,

මූලික පොහොර

මූලික පොහොර(ග්‍රෑම්)

පළමු මතුපිට සිටුවා

සති 4 පසුව

දෙවන මතුපිට සිටුවා

සති 5 පසුව

යූරියා

500

500

500

සා.සු.පොස්පේට්

1000

-

-

මි.ඔෆ්.පොටෑෂ්

1000

-

-

(ඓන්ද්‍රීය පොහොර ද්‍රව්‍ය හෙක්ටයාරයකට ටොන් 25 - 35 )

සිටුවීම සඳහා අවශ්‍ය වන බීජ ප්‍රමාණය :

වර්‍ග මීටර 1000ක (අක්කර 1/4) ප්‍රමාණයක සෙ.මී.10 × සෙ.මී.10 අඩු පරතරයක සිටුවීම සදහා බීජ කි.ග්‍රෑ. 75 - 80 ප්‍රමාණයක් ඇවැසි වෙයි.

මාස 3 1/2 - 4 ක කාලයක් ගබඩා තත්වයේ තිබූ සුදුළූණු ගෙඩි බික් වලට වෙන් කරගන්න.බීජළූණු ලොකු , මධ්‍යම , කුඩා වශයෙන් වෙන්කර සිටුවීමෙන් ඒකාකාරී හැඩයෙන් යුතු බල්බයන් ලබාගත හැක.

සළකණු කරගෙන සිදුරු තුල හෝ කුපූ හීරි වල , වඩා නොගැඹුරු වූ මතුපිටට ආසන්න නිරෝගී බීජ නිවැරදි අතට සිටුවන්න.

වගාවේ වෙනත් රෝපන ක්‍රියාවන් ජලසම්පාදනය :

වගාවේ මුල් මාසය තුල වගාවට යෝග්‍ය පසේ තෙතමන තත්ත්වය රඳවා ගැනීම වැදගත්ය. යල් කන්නයේදී නම් දිනකට වරක් ජල සම්පාදනය අවශ්‍ය වෙයි. බල්බ වර්‍ධනය සිදුවන දෙවන තුන්වන මාස වල ප්‍රමාණවත් ජල සැපයුමක්ද, බල්බ මේරීම ආරම්භ වන අවසාන කාලයේදී ජලය ලබාදීම සීමා කිරිමක්ද කල හැක.

වල් මර්ධනය :

සිටුවා තුන්වන හෝ සතරවන සතියේදී අතින් වල් නෙලිය යුතුය. ඉන්පසු පළමු මතුපිට පොහොර පැල අවට පසට මිශ්‍රකල යුතුය. නැවත සති 7 - 8 දී පමණ වල් නෙලීම සිදුකර දෙවන මතුපිට පොහොර ලබාදිය යුතුය. (වල් මර්ධනය සඳහා පූර්ව නිගමන වල් නාශක භාවිතා කල යුතුය.)

උදාහරණ : - ගෝල් නිර්දේශිත ප්‍රමාණ යෙදීම

පළිබෝධ හානි :

අපේ රටේ වාසනාවකට දේශීය වශයෙන් බලවත් හානි පමුණුවන රෝග තවමත් දක්නට නොමැත. එහෙත් විදේශීය වර්‍ග මෙරටට ආනයන කිරීමේදී (නෙමටෝඩ) පරපෝෂිත ක්ෂද්‍රකාරකයන් ගැන බෙහෙවින් සැලකිලිමත් විය යුතුය.

පැලමැක්කාගේ හානිය (THRIPS):

උෂ්ණාධික තත්වයන් යටතේ බහුලව දැකිය හැකිය. පත්‍ර මත යුෂ උරා බොයි. මෙවිට 1994-38 වැනි කාණ්ඩය (1 - 2 කලාපය)

පැලෑටියේ පත්‍ර සුදුපාටට හෝ රිදී පාටට හැරෙයි. අඟලින් 1 1/25 පංගුවක් දිගැති මේ කුඩා පලිබෝධකයා පත්‍ර පලවල සැගවී සිටී.

රසායනික මර්ධනය:

රෝගර්, පොලිමැට්, මෙතඩතියන් නිර්දේශිත ප්‍රමාණ යෙදීම.

දම්පාට පත්‍ර පුල්ලි රෝගය (PURPLEBLOTCH):

ලා පත්‍ර වල දම් පැහැ කුඩා පුල්ලි පැතිරී යයි. පසුව පත්‍ර දුඹුරු පැහැයට හැරෙමින් පැලෑටිය දුර්වල වේ.

මර්ධනය:

මැන්කොෂෙබ් - රිඩොම්ලි නිර්දේශිත ප්‍රමාණ යෙදීම.

අස්වැන්න නෙලීම හා සැකසීම:

වගාව මාස 3 1/2 - 4 වන විට පත්‍ර ගෙල කඩා වැටීමෙන් පසුව කහපාට වී දුඹුරු පැහැයට හැරේ. මෙය බල්බ හොඳින් මෝරා ඇති බවට ලක්ෂණයකි. ගලවා ගත් අස්වැන්න සූර්යාලෝකයෙන් තොර පවනේ වේලා ගන්න. දින 3-4 හොඳින් වේලා ගත් ළූණු ගසේ පාදිය කොටසේ සිට ඉහලට (සෙ.මී. 20) අඟල් 8 තරම් ඉහල කොටස කපා ඉවත් කර 50-100 මිටි බඳින්න.

සූර්යාලෝකයට නිරාවරණය නොකරන්න.

හොඳින් වායුහුවමාරු වන අඳුරු ගබඩාවක හරස් ලී බැඳ ළූණු මිටි ඒවායේ එල්වන්න. මේ ආකාරයට මාස 6 - 8 දක්වා කල්තබාගත හැකිය. අනෙකුත් විදේශීය වර්‍ග කිහිපයකුත් දේශීය කැප්පෙටිපොල වරණයත් සමඟ උඩරට අන්තර් කලාප වලදී වර්‍ග අස්වනු පරීක්ෂණ වලින් මෙතෙක් සතුටුදායක ප්‍රතිඵල ලබාදී ඇත්තේ දේශීය වර්‍ගය වේ. 1988 වර්‍ග අස්වනු පරීක්ෂණ - ප්‍රාදේශීය කෘෂිකර්‍ම පර්යේෂණ ස්ථානය, බණ්ඩාරවෙල.

සුදුළූණු පැලැටියේ වර්‍ධනයට ඉතා අගනා ශාක ආහාරයක් වූ දිරූ කොම්පොස්ට් ද්‍රව්‍ය හා කාබනික කොටස් වැඩිපුර ලබාදීමෙන් හෙක්ටාර එකකට 1:10 - 15 ඉහල අස්වැන්නක් ලබාදීමේ හැකියාවක් දේශීය කැප්පෙටිපොල වරණයට ඇති බැව් මෙයින් වඩාත් පැහැදිලි වේ. ගෙවතු වගාවක් ලෙසින් සුදුළූණු වගාකර වැඩි ආදායමක් ලබා අපත් රටත් සංවර්ධනය කරමු.