ජම්බු

ජම්බු(Rose apple)





Order : Myrtales
Family : Myrtaceae
Genus : Syzygium P.Br.ex Gaertn.
Species : Syzygium spp.

ජම්බු ඉතා රසවත්, පෝෂණීය සහ ඖෂධීය අගයෙන් යුතු පලතුරක් මෙන්ම ගෙවතු අලංකරණ ශාකයක් ලෙස ද ඈත අතීතයේ සිටම ජනප්‍රිය බෝගයකි. ජම්බු ශාකය මලින් පිරී ගිය විට ද වර්ණවත් ඵල වලින් බරවූ විට ද එක ලෙස ඉතා අලංකාරය. අතු ඛෙදී යාමේ හා පත්‍ර වල ස්වාභාවය අනුව ජම්බු යනු හොද සෙවණක් හා සිසිලසක් ලබාදෙන ගසකි. පැසුණු ජම්බු ගෙඩි විශේෂයෙන්ම ළමා පරපුර අතර ජනප්‍රිය රසවත් නැවුම් පලතුරක් වන අතර ජම්බු අපට ඉතා හුරු පුරුදු පලතුරකි. වැලි ජම්බු හැර අනෙකුත් ජම්බු වර්ග සියල්ල ලංකාවට විදේශ රටවලින් හඳුන්වා දී ඇතැයි සැලකේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ජම්බු වර්ග 4 ක් දක්නට ලැබේ. මෙම වර්ග ප්‍රධාන වශයෙන් තනි ශාක ලෙස ගෙවතුවල වගා කර ඇත. කලාතුරකින් වර්ග කිහිපයක් එකම ගෙවත්තක වගාකර තිඛෙනු දක්නට ලැබේ. මෙම සියළුම වර්ග ජම්බු ලෙස සාමාන්‍ය සිංහල භාෂාවෙන් හැඳින්වුවද වර්ග අනුව වෙනත් ව්‍යවහාරික නම් කිහිපයක් ඇත. මේවා නම් රතු ජම්බු, පිනි ජම්බු, වැලි ජම්බු, ලොකු ජම්බු, මහ ජම්බු, රට ජම්බු හා ඇට නැති ජම්බු ආදිය වේ.

රතු ජම්බු
Red rose apple, Wax apple,
Java apple, Water apple, Wax jambu)

Syzygium aqueum (Burm.f.) Alston


වැලි ජම්බු
(Rose apple, Malabar plum, Jambu, Chom pu, Pomme rose)

Syzygium jambos (L.) Alston.



පිනි ජම්බු (Malay apple)
Syzygium malaccense (L.) merr.& Perry




රට ජම්බු
(Bell fruit)
Syzygium samarangense (Blume) Merr.& Perry


ජම්බුවල සම්භවය හා ව්‍යාප්තිය

රතු ජම්බු මැලේසියාවේ සිට අන්දමන් සහ නිකෝබාර් දූපත් වලට ආවේණික බව සැලකේ. රතු ජම්බු හා රට ජම්බු විශේෂ තායිලන්තය, කාම්බෝජියාව, ලාඕසය වියට්නාමය සහ තායිවානය ආදී රටවල ජනප්‍රිය. වැලි ජම්බු මැලේසියාවේ උපත ලද හා ඊට ආවේණික බව සැලකෙන අතර එය ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලද ගිණිකොණදිග ආසියාවේද පැසිපික් දූපත් වලද වගා කරනු ලබන අතර ස්වාභාවිකව ද දක්නට ලැබේ. පිනි ජම්බු බටහිර මලයාසියාවට ආවේණික බව කියවේ.
එමෙන්ම මෙය ඉන්දීය, මලයාසියා කලාපයට හෝ ගිණිකොණ දිග ආසියාවට අයත් බව සඳහන් වේ.

වාණිජ වශයෙන් ජම්බු ඉතා සීමිතව, මැලේසියාවේ, ඹ්ස්ට්‍රේලියාව, මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ වගා කරනු ලබයි. තායිවානයේ වාණිජ වගාවන් වඩා දියුණු තත්ත්වයක ඇති බව වාර්තා පෙන්වා දෙයි.

ජම්බු පුෂ්ප
රතු ජම්බු
රට ජම්බු














වැලි ජම්බු















පිනි ජම්බු













ජම්බු ඵල


01. රතු ජම්බු
මෙහි පැසුණු ගෙඩි රතු පැහැති දිලිසෙන ඉටිමය මතුපිට පෙනුමක් ඇති ඛෙල් ආකාර හැඩැතිය. අනෙක් ජම්බු විශේෂවලට වඩා සාපේක‍ෂව කුඩාය (10-20 ග්රෑම්). රතු ජම්බු යනු දේශීයව වඩාත් ජනප්‍රිය හා ගෙවතු වල බහුලව දක්නට ලැඛෙන ජම්බු වර්ගයයි. මෙය මිහිරි, ඇඹුල් රසයකින් යුත් පලතුරකි. මෙය වර්ෂ 1550 දී පමණ ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇතැයි සැලකේ.

02. පිනි ජම්බු
පිනි ජම්බු ද අතීතයේ සිටම රතු ජම්බු මෙන්ම දේශීයව සුලභව තිඛෙන ජම්බු විශේෂයකි. ශ්‍රී ලංකාවේ දක්නට ලැඛෙන පිනි ජම්බු විශේෂය පෙයාර්ස් ගෙඩියක හැඩැති, සුදු පාටට හුරු ලා රෝස පැහැති, ප්‍රමාණයෙන් සාමානය රතු ජම්බු වලට වඩා විශාල විශේෂයකි (40-50 ග්රෑම්). පිනි ජම්බු මදය සුදු ස්පොන්ජ් ආකාර ව්‍යුහයකින් යුතු සාමානයෙන් ඇඹුල් රසැති එහෙත් එතරම් රසවත් නොවූ එකකි. මෙහි ජල ප්‍රතිශතය අධිකය. පිනි ජම්බු ශාකය අනෙකුත් ජම්බු විශේෂයන්ට වඩා උස්ව වැඩෙන (5-20 මීටර් පමණ) ශාකයකි. ජන වහරේදි පිනි ජම්බු සඳහා ලොකු ජම්බු ලෙසද භාවිතා කරයි.
පිනි ජම්බු ශාකයේ ද බහුලව මල් හටගන්නා අතර විශේෂයෙන්ම ශාකයේ ප්‍රධාන කඳෙහිද අතු මතද හටගනී. ඉතා දීප්තිමත් තද රෝස පැහැති රේණු රාශියකින් සමන්විත මෙම මල්, ඉතා අලංකාර දර්ශණයක් වේ. මල් පිපෙන කාලයේදී හැලී යන මෙම මල් රේණු පිනි ජම්බු ගස් යට රෝස පැහැති බුමුතුරුණුවක් මෙන් දක්නට ලැබේ.

03.රට ජම්බු
සාමාන්‍ය රතු ජම්බු වලට වඩා හැඩයෙන් පැහැයෙන් හා ප්‍රමාණයෙන් වෙනස් වූ මෙම ජම්බු වර්ග කිහිපයක් දේශීයව දක්නට ලැබේ. මේ අනුව සුදු, රතු, රෝස, රතු දම් හා කොළ පාට ආදී ආකර්ෂණීය වර්ණයන්ගෙන් ද හැඩයන්ගෙන් ද ග්රෑම් 35-75 පමණ වූ ප්‍රමාණයන්ගෙන් ද සමන්විත වේ.

04. වැලි ජම්බු, සීනි ජම්බු
මේවා ලා කහ පැහැති, සුදු හෝ කහ පැහැයට හුරු රෝස පැහැති ඕවලාකාර හැඩැති ඵල වේ. වැලි ජම්බු ශී්ර්ෂ ලංකාවට ආවේනික ජම්බු විශේෂයක් වශයෙන් සලකනු ලබන අතර, දේශීයව වෙනත් වල් දර්ශද ළදු කැලෑ ආශ්‍රිතව විශේෂයෙන්ම තෙත් කලාපීය ප්‍රදේශ වල දක්නට ලැබේ. පොත පතෙහි සඳහන් වන අන්දමට අතීතයේදී දේශීයව වඩාත් ජනප්‍රිය ජම්බු විශේෂය වී ඇත්තේ වැලි ජම්බු වේ. එහෙත් වර්තමානයේදී එය ගෙවතු වල දක්නයට නොලැඛෙන තරම් වන අතර, රතු ජම්බු එම ස්ථානය ගෙන ඇත. මෙම ජම්බු විශේෂයන්හි මල් ලා කොළ හෝ කොළ පැහැයට හුරු වූ රේණු විශාල සංඛ්‍යාවකින් සමන්විත වේ.
මෙම ජම්බු විශේෂයන්හි ගෙඩි වල පවත්නා පැහැය, ප්‍රමාණය බර හා රස ආදියෙහිත් ගසෙහි පෙනුමත් ආදී ආකර්ෂණීය ගුණාංග නිසා, වර්තමානයෙහි මෙම ජම්බු වර්ග පලතුරක් මෙන්ම භූමි අලංකරණ ශාකයක් ලෙසද තෙත් හා අතරමැදි කලාප වල ගෙවතු බෝගයක් ලෙසත් ජනප්‍රියත්වයට පත්ව ඇත.

මෙම ජම්බු වර්ග 1980 වර්ෂවලදී වෙනත් භූමි අලංකරණ ශාක සමඟ මැලේසියාව හා තායිලන්තය ආදී රට වලින් මෙරටට ගෙන්වා ඇතැයි සැලකේ. රට ජම්බු සඳහා පිනි ජම්බු ලෙසද ව්‍යවහාර කරන අවස්ථා ඇත.

රතු ජම්බු




රට ජම්බු Ruby gaint (නිර්දේශිත ප්‍රභේදයකි)


රට ජම්බු Ruby drop (නිර්දේශිත ප්‍රභේදයකි)

රට ජම්බු (කොළ පැහැති විශේෂයකි)



















වැලි ජම්බු



පෝෂණීය අගය
රතු ජම්බු මාංශලයේ ග්රෑම් 100 ක අඩංගු අාහාරමය අගය පහත දක්වා ඇත

ජලය

91.40 - 92.96%

ප්‍රෝටීන්

ග්‍රෑම් 0.50

මේදය

ග්‍රෑම් -

කාබෝහයිඩ්රේට

ග්‍රෑම් -

ඛණිජ ලවණ0.27

මිලි ග්‍රෑම් 0.21 -0.27

කැල්සියම්

මිලි ග්‍රෑම් 10.0

පොස්පරස්

මිලි ග්‍රෑම් 30.0

යකඩ

මිලි ග්‍රෑම් 1.0

විටමින් ඒ

මිලි ග්‍රෑම් -

තයමින්

මිලි ග්‍රෑම් -

රයිබොප්ලෙවින්

මිලි ග්‍රෑම් -

සල්ෆියුරික් අම්ලය

0.17%

සිට්‍රික් අම්ලය

0.15%


දේශගුණික අවශ්‍යතා
ජම්බු විශේෂ නිවර්තන හෝ ඊට ආසන්න දේශගුණික තත්ත්ව යටතේ හොඳින් වර්ධනය වේ. රතු ජම්බු පහතරට හා මැදරට මෙන්ම උඩරට ද හොඳින් වැඩෙයි. සිසිල් දේශගුණ තත්ත්ව යටතේ මෙය ශ්‍රි ලංකාවේ සෑම පළාතකම වාගේ දක්නට ලැබේ. ජම්බු උෂ්ණත්වය ඉතා අඩු ප්‍රදේශ වල දක්නට නොලැබේ.වැඩි දියුණු කළ ජම්බු වර්ග තෙත්, අතරමැදි හා වියළි කලාපීය ප්‍රදේශවල හොඳින් වගා කළ හැකිය.වැලි ජම්බු වඩාත් ප්‍රචලිතව ඇත්තේ තෙත් කලාපීය ප්‍රදේශවලය. පිනි ජම්බු උණුසුම් තෙත් පරිසරයක් සහිත තෙත් කලාපීය උඩරට ප්‍රදේශවල සාර්ථකව වර්ධනය වේ. මෙය දීර්ඝ කාලීන නියගයට සහ විශාල උෂ්ණත්ව වෙනස්වීම් වලට ඔරොත්තු නොදේ. කෙසේ වුවද ජම්බු වගාව සඳහා තද වියළි හා උණුසුම් දේශගුණික තත්ත්ව සුදුසු නොවේ.

ප්‍රචාරණය
බීජ මගින් ජම්බු පහසුවෙන් ප්‍රචාරණය කරගත හැකිය. ජම්බු බීජ වල ජීව්‍යතාවය පවතින්නේ කෙටි කාලයක් බැවින් ගෙඩි වලින් බීජ ඉවත් කරගත් විගස අවශ්‍ය පරිදි ක්ෂ්‍රේත්‍රයේ හෝ බඳුන් වල සිටුවීම වැදගත්ය. එසේ නැතිනම් වැලි තවාන් වල බීජ තවාන් දමා ඉන්පසු වඩා හොඳින් වැඩුණු නිරෝගී බීජ පැළ තෝරා අවශ්‍ය පරිදි සිටුුවා ගත හැකිය. ජම්බු සඳහාද වර්ධක ප්‍රචාරණයෙන් පැළ සකස් කර ගැනීම වඩා සුදුසුය. බීජ පැළ ග්‍රාහක ලෙස භාවිතා කරමින් උසස් ගුණාත්මයෙන් යුතු මව් ගසකින් ලබාගත් අනූජ බද්ධ කිරීමෙන් ගුණාත්මක පැළ නිෂ්පාදනය කරගත හැකිය. මෙහිදී කූඤ්‍ඤ ක‍ද බද්ධය වඩා සාර්ථකය. වර්ධක ප්‍රචාරණයේදී ජම්බු ශාකයේ අඩ දළ දඩු අතු සිටුවීම හා වායව මුල් ඇද්දවීමෙන්ද (අතු බැඳීමෙන්ද) පැළ නිෂ්පාදනය කර ගත හැකිය.

වගා කිරීම
සාර්ථක වගාවක් සඳහා හොඳින් හිරු එළිය ලැබීම වැදගත් වුවද සාමාන්‍ය සෙවන තත්ත්ව යටතේදී ද ජම්බු හොඳින් වර්ධනය වේ. හොඳින් ජල වහනය සිදුවන භූමියක විවිධ පාංශු වර්ග වල හොඳින්
වැවෙන ජම්බු, නිසරු පසක වුවද සාර්ථකව වගා කළ හැකිය. කප්පාදු කිරීමෙන් ශාකයේ උස සහ වියන පාලනය කොට ශාකයේ ව්‍යුහය නඩත්තු කිරීමේ හැකියාවක් පැවතීමද විශේෂත්වයකි. එමෙන්ම බඳුන් වගාවක් ලෙසද වර්ධක ප්‍රචාරණයෙන් සකස් කරගත් ජම්බු පැළ වගා කළ හැකිය.

රෝග හා පළිබෝධ
ජම්බු ශාකයට හෝ ගෙඩි වලට හානි කරනු ලබන පළිබෝධකයින් එතරම් බහුලව දක්නට නොලැබේ. පලතුරු මැස්සාගේ හානිය රට ජම්බු (ඛෙල්පෘෘට්) වර්ගයේ ජම්බු ඵල වල ඇතැම්විට දක්නට ලැබේ. මේ සඳහා නිර්දේශිත ආකාරයට පලතුරු මැස්සා සඳහා ඇම භාවිතය සුදුසුය. ජම්බු ඵල වලට කුහුඹුවන් ආකර්ෂණය වීමද ගෙඩියේ අග දක්නට ලැඛෙන වැසුනු කොටසේ කුහුඹුවන් රැදීම අස්වැන්නෙහි ගුණාත්මයට බලපානු ලබයි. එමෙන්ම ජම්බු පත්‍ර Psylid නම් කෘමි හානියට ලක්වේ. දැනට දක්නට ලැඛෙන ආකාරයට පිනි ජම්බු මේ සඳහා වඩාත් පාත්‍ර වේ. මෙහිදී පත්‍ර මත පිළල මෙන් බිබිලි (Blistes) දක්නට ලැඛෙයි.

අස්වැන්න





















බීජ පැළයක ඵල දැරීමට වසර 03ක් පමණ කල්ගත වුවද බද්ධ පැළයක් සිටුවා වසර 1 1/2 - 2 කින් පමණ ඵල හටගැනීම සිදුවේ. ජම්බු විශාල ලෙස ඵල දැරීමත් එකවර ගෙඩි පැසීමත් හොඳින් පැසුණු ගෙඩි හැලීයාමත් සැලකිය යුතු කරුණු වේ. පැසුණු ගෙඩි හැලීයාමට පෙර ප්‍රවේශමෙන් නෙලා ගැනීමත් ගෙඩි මෘදු බැවින් ඒවාට හානි නොවන ලෙස ප්‍රවේශමෙන් අසුරා වෙළදපලට ඉදිරිපත් කිරීමත් ඉතා වැදගත්ය.ජම්බු සඳහා අගය එකතු කළ නිෂ්පාදන සැකසීමද ඒවා රසවත් ලෙස සංරක‍ෂණය කිරීමේ හැකියාවද ඇත.

භාවිත

ජම්බු නැවුම් පලතුරක් ලෙස කෙලින්ම ආහාරයට ගතහැකි ප්‍රියතම පලතුරකි. මෙහි යුෂ සහිත රසවත්භාවය ද සවිමත් (Crunchy) ස්වාභාවයද එය නැවුම් පලතුරක් ලෙස ජනප්‍රිය වීමට හේතුවී ඇත. ජම්බු ගෙඩි වලින් ජෑම් ද සීනි සිරප්වල යෙදීමෙන් කල් තබා ගත හැකි රසවත් අගය වැඩි කළ නිෂ්පාදන ද සකසා ගත හැකිය.
මෙම ජම්බු වර්ග සියල්ලෙහිම පලතුරක්, ඖෂධයක් මෙන්ම වෙනත් වැදගත් භාවිතයන් නිසාද විශාල ආහාරමය වටිනාකමක් ඇත.
වැලි ජම්බු වඩාත් රසවත් වන්නේ නැවුම් පලතුරක් ලෙස නොව ජෑම්, ජෙලි, සීනි සිරප්වල සංරක‍්ෂණය කිරීම සහ වෙනත් රසකැවිලි ආදී සකස් කළ ආහාර ලෙසටය. වැලි ජම්බු යොදා සකස් කරන මෙම අතුරුපස වල එයට ආවේණික වූ මිහිරි රෝස සුවඳ සහ රස අඩංගු වීම විශේෂත්වයකි.
එමෙන්ම මෙයින් රසකැවිලි නිෂ්පාදනයේදී භාවිතා කරන්නාවූ රෝස වතුර ද (Rose water)
නිෂ්පාදනය කළ හැකිවේ. ශාක පත්‍ර වලින් ගන්නා නිස්සාරක තෙල් සුවඳ විලවුන් සැකසීමට යෝග්‍යම වේ. ජම්බු මල්, මල් පැණි වලින් පොහොසත් වන අතර මී මැස්සන් ජම්බු ශාක ආශ්‍රිතව ඇති කිරීමෙන් ඉතා ගුණාත්මක මී පැණි සකස් කරගත හැකිවේ.

ජම්බු වල ඖෂධීය ගුණ බහුලව ඇති බවටද තොරතුරු වාර්තා වී ඇත. ජම්බු මොළයේ සහ අක්මාවේ නිසි ත්‍ර්‍රියාකාරීත්වය සඳහා වැදගත් වන ඖෂධීය ගුණ සහිත බව සඳහන් වේ.
ජම්බු බීජ පාචනය, විජලනය හා ඇසේ සුද වැනි රෝග සඳහා ප්‍රතිකාර වලදී භාවිතා කරනු ලබයි. විවිධ රටවල මේ ආකාරයෙන් ජම්බු බීජ හා මුල් විවිධ රෝග සඳහා ඖෂධ ලෙස භාවිතා කරනු ලබන බව සඳහන් වේ. මෙම ජම්බු වර්ග වල තිඛෙන්නාවූ අලංකාර පැහැය, පෙනුම හා හැඩයන් නිසා ආකර්ෂණීය ලෙස කෑම මේස අලංකරණයේදී ද භාවිතා කරනු ලබයි. පිනි ජම්බු වෙනත් රටවල පාරම්පරික වෙදකම් සඳහා භාවිතා කරන බව සඳහන් වේ. මේ අනුව, පිනි ජම්බු කොළ හා පොතු මුඛ ආසාදන සහ අමාශගත අසනීප සඳහා භාවිතා කරන බව සඳහන් වේ. පිනි ජම්බු දැව රත් පැහැයට හුරු දැඩි හා ශක්තිමත් දැව විශේෂයක් නිසා නිවාස කුළුණු, ආරක‍ෂිත වැටවල්, වහල, දුම්රිය සිල්පර, ලී කැටයම්, ආගමික මූර්ති කැටයම් ආදිය සඳහා විවිධ රටවල භාවිතා කරනු ලබයි. මෙම දැව ශක්තිමත් නිසා කරත්ත රෝද සෑදීමටද භාවිතා කරයි. වැලි ජම්බු ශාකයේ අරටුව ශක්තිමත්, තදරතු හෝ දුඹුරු පැහැති වේ. මෙය ගෘහ භාණ්ඩ නිෂ්පාදනයටත්, සංගීත භාණ්ඩ රාමු (වයලීන්, ගිටාර් ආදී) සැකසීමටත් සහ ඉදිකිරීම් සඳහා අවශ්‍ය වන බාල්ක කණු (Beam)සඳහාත් භාවිතා කළ හැකිවේ.