ජමනාරන්




කුලය : Rutaceae

උද්භිද විද්‍යාත්මක නාමය : Citrus reticulata

නිර්දේශිත ප්‍රභේද

නාරං - ප්‍රභේද (පැඟිරි කුලයේ ශාක)

නාරං වර්ගීකරණය

සැට්සුමා - අධික සීත දේශගුණයකට ඔරොත්තු දේ.

ඝර්ම කලාපයට සුදුසු නැත.

කීන්ග් - ඝර්ම කලාපයට හොඳින් ගැසී ඇත. ඵල විශාලය. පොත්ත ඝනකමින් යුක්තය. ඵලය මැද සිදුරක් ඇත.

විලෝලීෆ් - මධ්‍යධරණී ප්‍රදේශවල වඩාත් ප්‍රචලිතව ඇත.

සාමාන්‍ය ප්‍රභේද - මෙම ප්‍රභේදවල මල් කුඩාය. මධ්‍යම ප්‍රමාණයේ ඵල හට ගනී. ඵලයේ පොත්ත

අනෙක් නාරං ප්‍රභේදවල වඩා තුනීය. (උදා - ක්ලෙමන්ටයින්,මධූ)


සැටිසුමා ඛාණ්ඩයේ ශාකයක්


ප්‍රභේද

මේ දක්වා ශ්‍රී ලංකා‍වේ බහුල වශයෙන් වගා කරන ලද්දේ දේශීය ජමනාරං ප්‍රභේදයි. නමුත් 1994 වසරේ මධූ නැමති ජමනාරං ප්‍රභේදය වගාව සඳහා නිර්දේශ කර තිබේ.


ජූසි




  • හොරණ  පලතුරු  බෝග  පර්යේෂණ  හා  සංවර්ධන  ආයතනයෙන්  නිපදවන  ලද  මෙම  ප‍්‍රභේදය  අපේ රටේ  පහත  රට  කලාපයේ  වගාව  සඳහා  නිර්දේශ කර   ඇත. 
  • නැවුම්   පලතුරක්   සඳහා   හා   යුෂ නිෂ්පාදනයට  මෙම  වර්ගය  යොදාගත  හැකිය. 
  • ප‍්‍රධාන අස්වනු වාර දෙකක් ඇත.
  • වසර පුරා පැතිරුණු අස්වැන්නක් ලබාදේ.
  • එක් ගසක් වසරකට කිලෝග‍්‍රෑම් 60 ක පමණ අස්වැන්නක් ලබාදේ.
  • ග‍්‍රෑම් 100 - 130 අතර බර විශාල ඵල දරයි.
  • මදය තැඹිලි පැහැයක් ගනි.

මධූ


 
මධූ ප්‍ර‍භේදයේ ශාකයක්
  • වැඩුණු ගසක් මීටර 2 - 2.5ක් පමණ වැඩේ.
  • ශාක වියන පැතිරුණු ස්වභාවයක් කරයි.
  • පත්‍ර ලා කොළ හෝ කහපාට විය හැක.
  • පත්‍ර ලංසාකාරය.
  • පත්‍ර වෘන්තය පියාපත් රහිතය.
  • ගසේ කටු රහිතය.
  • ඵලය රවුම් හෝ ඕවලාකාරය.
  • එහි කෙලවර තරමක් ඇතුලට නෙරා ඇත.
  • ඵල බීජ රහිතය. ඇතැම් විට බීජ 1-2ක් තිබිය හැක.
  • යුෂය ලා කහ හෝ ලා තැඹිලි පාටය.
  • නොමේරූ ගෙඩි තද කොළ පාට වන අතර පැසුණු විට ලා කොළ හෝ කහපාට කොළපාට විය හැක. (මෙය වගා කරන ප්‍රදේශය අනුව තීරණය වේ)
 
ස්වපරාගනය මඟින් හට ගන්නා ඵල ප්‍රමාණය අඩුවන අතර හොඳ ඵලදාවක් ලබා ගැනීමට නම් පර පරාගනය සිදුවිය යුතුය.

මධූ ප්‍රභේදයේ ඵල


දේශීය ප්‍රභේද
  • මීටර් 4-5ක් පමණ උසැතිය.
  • ඉහළට විහිදි ගිය ආකාරයේ හැඩයක් ගන්නා
  • ශාක වියනක් සහිතය
  • ඵලයක සාමාන්‍ය බර ග්‍රෑම් 125-150ක් වේ.
  • හොදින් ඉදි ඇති අවස්ථාවලදි පවා ගෙඩියේ පිට පොත්ත කොළ පැහැයෙන්ම පවතී.
  • පොත්ත පහසුවෙන් ගැලවේ.
  • ඉදි ඇති විට ගෙඩියේ මාංශලය කහවන් කොළ පාට හෝ දිප්තිමත් තැඹිලි පාටය.
  • ගෙඩියක බීජ 10-15 පමණ තිඹේ
  • මිහිරි රසයෙන් යුතුය. 

දේශීය ප්‍රභේදයේ ශාකයක්

දේශගුණික අවශ්‍යතා හා පස
 
දේශගුනික අවශ්‍යතා

ශ්‍රි ලංකාවේ වියළි හා අතරමැදි කලාපයනට අයත් ප්‍රදේශ වගාව සඳහා වඩාත් සුදුසුය. නමුත් ජමනාරං සඳහා වඩා යෝග්‍ය වන්නේ තෙත් කලාපීය දේශගුණයකි. එහෙත් අතරමැදි කලාපයේ ගෙවතු වගාවක් ලෙස පමණක් වගා කළ හැක.
කෙසේ වුව ද ජමනාරං වගාවේ සාර්ථකත්වය සඳහා ගසට මැනවින් සූර්යාලෝකය ලැබීම අතිශයින් වැදගත් වේ. වසරේ මාස එකක් දෙකක් පමණ හෝ කෙටි වියළි කාලගුණයක් පවතින විට ගස්වල මල් හට ගැනීම උත්තේජනය වේ.

හොදින් ජලවහනය වන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු ලොම් පස වගාව සඳහා වඩාත් සුදුසුය. එසේම පසෙහි මීටර් දෙකක් පමණ ගැඹුරක් දක්වා වූ ප්‍රදේශයෙහි බොරළු හෝ තද පස් තටිටුවක් නොමැති වීමද වගාවේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.
මෙම බෝගය සඳහා පසෙහි තිබිය යුතු වඩාත් සුදුසු pH අගය 5-6 පමණ වේ. pH අගය මෙයට වඩා අඩු හෝ වැඩි වුවහොත් නොයෙක් මූලද්‍රව්‍ය විෂවීම් සහ ඌණතාවයන් නිසා වගාව දුර්වල වීමට ඉඩ තිබේ.

පාංශු අවශ්‍යතා

හොදින් ජලවහනය වන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු ලොම් පස වගාව සඳහා වඩාත් සුදුසුය. එසේම පසෙහි මීටර් දෙකක් පමණ ගැඹුරක් දක්වා වූ ප්‍රදේශයෙහි බොරළු හෝ තද පස් තටිටුවක් නොමැති වීමද වගාවේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.
මෙම බෝගය සඳහා පසෙහි තිබිය යුතු වඩාත් සුදුසු pH අගය 5-6 පමණ වේ. pH අගය මෙයට වඩා අඩු හෝ වැඩි වුවහොත් නොයෙක් මූලද්‍රව්‍ය විෂවීම් සහ ඌණතාවයන් නිසා වගාව දුර්වල වීමට ඉඩ තිබේ.
වගාවට සුදුසු භූමියක්

බිම් සැකසීම
රෝපණ ද්‍රව්‍ය

රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම

බීජ ප්‍රරෝහනය කර ලබා ගන්නා පැළ මඟින් මෙන්ම බද්ධ කරන ලද පැළ මඟින් ද සිටුවිය හැකිය.

බීජ ප්‍රරෝහනය කර ලබා ගන්නා පැළ සිටවූ විට ඵල හට ගැනීමට වැඩි කාලයක් ගත වේ. ගස් විශාලත්වයෙන් වැඩිවේ. එසේම වගාවේ විවිධ ගස්වල එකිනෙකට වෙනස් ලක්ෂණ පැවතීමට ඉඩ තිබේ.

නමුත් බීජ පැළ මඟින් හානිදායක වන ට්‍රිස්ටේසියා වෛරස් රෝගය නව වගාවක් කරා ව්‍යාප්ත වීම වළක්වා ගත හැක.

බීජ පැළයක්

බද්ධ කරන ලද පැළ සිටුවීම සඳහා යොදා ගන්නා විට විශේෂයෙන් ට්‍රිස්ටේසියා වෛරස් රෝගය වැනි රෝග එම පැළ සමඟ නව වගාව වෙත බෝවීමට ඉඩ තිබේ.

එනිසා බද්ධ පැළ නිපදවා ගැනීමේ දි නිරෝගී මව් ශාක වලින් පමණක් අංකුර ලබා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

මෙම අවධානම නොපවතී නම් බීජ පැළ සිටවූ වගාවක දැකිය හැකි වෙනත් අයහපත් ලක්ෂණ බද්ධ පැළ සිටවූ වගාවක ඇති නොවේ.

 

නිරෝගි මව් ශාකයකින් අංකුර ලබා ගැනීම

බීජ පැළ සකසා ගැනීම

සිටුවීම සඳහා බීජ පැළ සකසා ගැනීමේදි පළමුව සුදුසු ගුණාංග සහිත මව් ගස් තෝරා ගන්න.

  • වසරක් පාසා සතුටුදායක අස්වැන්නක් ලබාදිම.
  • මිහිරි රසැති විශාල ගෙඩි හට ගැනීම.
  • රෝග හා කෘමි හානි වලට ඔරොත්තු දිම.

වැනි ලක්ෂණ සහිත ගස් මේ සඳහා තෝරා ගන්න. එවැනි ගස්වලින් හොදින් ඉදි ඇති ගෙඩි ලබාගෙන බීජ වෙන්කර ගන්න.

බීජ වෙන්කර ගැනීම සඳහා ගෙඩිය වටා රවුමක ආකාරයට සෙ.මී. 1-2 ක් පමණ කැපුමක් දමන්න.

සුදුසු ගුණාංග සහිත මව් ශාකයක්


ඉන්පසු ගෙඩියේ ඉහළ සහ පහළ පලු දෙක දෙපසට කරකවා ගෙඩිය කොටස් දෙකකට වෙන් කර ගන්න. මෙමඟින් බීජ වලට හානියක් සිදු නොවේ.
නමුත් පිහියක් වැනි ආයුධයකින් ගෙඩිය දෙකට කපා වෙන් කලහොත් සමහර බීජ ඒ සමඟ කැපී විනාශ වී යයි.
ගෙඩි වලින් බීජ වෙන්කර ගත් විගස හොදින් සෝදා හැකි ඉක්මනින් තවාන් කරන්න. එසේ නැතහොත් බීජවල ජීව්‍යතාවය ඉතා ඉක්මනින් නැතිවී යා හැක.

ජමනාරං බීජ


මේ අන්දමට ඉක්මනින් තවාන් කිරීම අපහසු අවස්ථාවල දි පමණක් බීජ සෝදා මඳ පවනේ වියළා ගන්න. ඉන්පසු කළු පැහැති පොලිතීන් කවරයක බහා සති දෙකක් පමණ කාලයක් තබාගත හැකිය.
තවාන් කිරීම
ජමනාරං බීජ ප්‍රරෝහනය කර ගැනීම සඳහා ආකාර දෙකකට තවාන් කළ හැකිය.
  • වැලි තවාන
  • ස්ථිර තවාන

බීජ තවාන් කිරීමට සැකසූ වැලි තවානක්

තවාන් කිරීම - වැලි තවාන

මේ සඳහා පිරිසිදු සියුම් ගංගා වැලි භාවිතා කර සෙ.මී. 15 ක් පමණ උස මීටරයක් පමණ පළල තවානක් සකසා ගන්න.
හැකිනම් තාවන් කිරීමට පෙර බීජවල පොතු ඉවත් කරන්න. නැතහොත් උල්වූ කෙලවර ප්‍රදේශයෙහි බීජයේ පිට පොත්ත දෙපසට තරමක් ගලවා දමන්න. මෙමඟින් මව් ගසේ ලක්ෂණ වලට සමාන ලක්ෂණ සහිත පැළ වැඩි සංඛ්‍යාවක් ලබාගත හැකිය.
මේ අන්දමට වැලි තවාන බීජ දමා පැළකර ගත්විට බහු කළලතාවය නිසා එක් බීජයකින් හටගන්නා පැළ කිහිපය වඩා පහසුවෙන් එකිනෙකින් වෙන් කර ගැනීමට ද පුළුවන.

බීජ තවාන් කිරීම

බීජ තවාන් කළ යුත්තේ එකිනෙකට සෙ.මී. 10 ක් පමණ දුරකින් හා සෙ.මී . ½ පමණ ගැඹුරකිනි. පේලිය තුළ බීජ දෙකක් අතර පරතරය සෙ.මී. 3 ක් පමණ වන සේ පවත්වා ගන්න.
බීජ සිටුවීමෙන් පසුව පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යකින් තවාන වසුන් කරන්න. බීජ පැළවීමට දින 7-14 පමණ කාලයක් ගතවේ. තවාන වියළීම වළක්වා ගැනීම සඳහා වරින් වර ජලය සපයන්න. වැලි තවානේ බීජ පැළවී සති තුනක් පමණ ගතවූ පසුව බඳුන් කළ හැකිය.

බීජ තාවානට ජල සම්පාදනය කිරීම

තවාන් කිරීම - ස්ථිර තවාන
වැලි තවානක නොදමා ස්ථිර තවානක ද බීජ පැළ කර ගැනීමට පුළුවන. මේ සඳහා පළමුව මීටරයක් පමණ පළල පාත්ති සකසා ගන්න.

මතුපිට පස් සහ හොඳින් දිරාපත්වූ කොම්පෝස්ට් පොහොර සල්ලඩයකින් හලාගෙන සම ප්‍රමාණවලින් එකිනෙක සමඟ මිශ්‍ර කරන්න.

මෙම මිශ්‍රණය සකසා ගත් තවාන් පාත්තිය මතුපිට සෙ.මී. 15 ක් පමණ ඝනකම් තට්ටුවක් ලෙස අතුරන්න.

සල්ලඩ කර ගන්නා ලද වැලි සහ කොම්පෝස්ට්

මෙම සියුම් තවාන් මිශ්‍රණය මත එකිනෙකට සෙ.මී.10ක පරතරයකින්, සෙ.මී.1/2 පමණ ගැබුරකිනි. පේළිය තුල බීජ අතර පරතරය සෙ.මී.5ක් පමණ පවත්වා ගන්න.

වැලි තවානෙන් ගලවා පොලිතීන් බඳුන්වල සිටුවීමෙන් පසු පැළ වැඩෙන වේගයට වඩා වැඩි වේගයකින් මේ අන්දමට සකසා ගත් තවානක පැළ වර්ධනය වේ. ඒ නිසා වඩා ඉක්මනින් ක්‍රේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු තත්ත්වයකට පත්වීමට මෙවැනි පැළ වලට හැකි වේ. නරං පැළවල ශක්තිමත් මූල පද්ධතියක් තිඹේ එනිසා මේ අන්දමට හොදින් වැඩී ඇති පැළ නැවත බඳුන් කිරිමේදි පැළ මැරී යාමේ අවධානම අඩුය.

තවානෙන් ගලවා පොලිතීන් බදුන්වල සිටුවීම

බද්ධ පැළ සිටුවීම
තවාන් වලින් ගලවා ගන්නා පැළ සෙ.මී. 20 ක් පමණ විෂ්කම්භයක් සහිත සෙ.මී. 30 පමණ උස පොලිතීන් බඳුන්වල සිටුවන්න. ඒ සඳහා වැලි, මතුපිට පස් සහ කොම්පොස්ටි සම ප්‍රමාණ වලින් මිශ්‍ර කර මෙම බඳුන් පුරවන්න. කෙසේ වුවද බඳුනේ ඉහළ කෙළවර සිට සෙ.මී. 1 - 1 1/2 පමණ පහළින් සිටින සේ බඳුන් මිශ්‍රණය පිරවීම වැදගත්ය. එවිට බඳුන් වලට යොදන ජලය අපතේ නොයයි.

සකසා ගත් පොලිතීන් බදුනක්

වැලි තවානෙන් ගලවා පොලිතින් බඳුන්වල සිටුවන පැළ ක්‍රේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු තත්ත්වයට පත්වීමට මාස 5-6 පමණ කාලයක් ගතවේ. නමුත් ස්ථිර තවානේ හොන්න් වැඩීමට සැලැස්වීමෙන් පසුව මෙවැනි බඳුන්වල සිටවූ පැළ සති 3 ක පමණ කාලයක් ගතවූ පසුව කේෂ්ත්‍රයේ සිටුවීමට පෙර මෙම පැළ දැඩි කර ගැනීම වැදගත්ය.

සිටුවීම සඳහා යොදාගත යුත්තේ දිරියෙන් වැඩි බීජ පමණකි. එනිසා අවශ්‍ය පැළ සංඛ්‍යාවට වඩා දෙගුණයක් පමණ පැළ ලබා ගත හැකි වනසේ සෑහෙන බීජ සංඛ්‍යාවක් තවාන් කළ යුතුය.

බදුන් ගත කරන ලද පැලයක්


බද්ධ පැළ නිපදවා ගැනීම
මේ සඳහාද පළමුවෙන්ම කළ යුතු වන්නේ ග්‍රාහක සඳහා අවශ්‍ය බීජ පැළ නිපදවා ගැනීමයි. මෙහිදි බීජ පැළ ලබාගත යුතු වන්නේ උසස් අස්වැන්නක් ලබාදෙන, ගෙඩිවල වැඩි බීජ සංඛ්‍යාවක් ඇති, බීජවල බහු කළලතාවය දක්නට ලැබෙන ගසකිනි.

එසේම බීජ ලබා ගන්නා ගසෙහි ලෙඩ රෝග වලට ඔරොත්තු දිමේ හැකියාව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුකළ යුතුය. ග්‍රාහක සඳහා පැළ නිපදවා ගැනීම පි‚ස රෆ් ලෙමන්, පිලිපීන් රෙඩ් ලයිම් හා නස් නාරං බීජ බහුල වශයෙන් යොදා ගැනේ.

හොදින් ඵල හටගත් රෆ් ලෙමන් ශාකයක්

සිටුවීම සඳහා බීජ පැළ සකසා ගන්නා ආකාරයටම මෙම බීජ වැලි තවානක හෝ ස්ථිර තවානක දමා පැළ කරගන්න. ඉන්පසු සෙ.මී. 20 පමණ විෂ්කම්භයක් සහිත සෙ.මී. 25-30 පමණ උසැති පොලිතීන් බඳුන්වල නැවත මෙම පැළ සිටුවන්න. මෙකී පැළවල වයස මාස 6-8 පමණ වූ පසුව බද්ධ කිරීම සඳහා සුදුසු තත්ත්වයට පත්වේ.

මෙම බෝගයන්හි බද්ධ පැළ නිපදවා ගැනීම සඳහා බහුල වශයෙන් යොදා ගන්නේ රිකිලි බද්ධය සහ අංකුර බද්ධය යන බද්ධ ක්‍රමයන්ය.

රෆ් ලෙමන් පැළ තවානක්

ජමනාරං බද්ධ කිරීම සඳහා නස් නාරං ශාකය ග්‍රාහක වශයෙන් යොදාගත හැකිය. ලෙමොනයින් අතු පැළ ග්‍රාහක ලෙස භාවිතා කළහොත් බද්ධ පැළය හොදින් වර්ධනය වුවද වියළි තත්ත්ව වලට ඔරොත්තු මේ හැකියාව අඩුය. එහෙත් එවැනි ගස්වල හට ගන්නා ගෙඩිවල පිට පොත්ත රළු ස්වභාවයක් නොගනී. එමෙන්ම පොත්තෙහි ඔපයක් පවතී. අවාරයේදි ද මෙවැනි බද්ධ පැළවල ගෙඩි හට ගනී.

බද්ධ කිරීම සදහා සුදුසු ග්‍රාහකයක්

කෙසේ වුවද සමහර විට මෙවැනි බද්ධ පැළ වගාකර වසර කිහිපයකට පසුව ලැබෙන අස්වැන්න ක්‍රමයෙන් අඩුවීමට පටන් ගනී. එයට ප්‍රධානතම හේතුව වන්නේ කල්ගත වත්ම බද්ධ සන්ධියෙහි නොගැලපීමක් (අසංගත භාවයක්) ඇතිවන නිසාය.

තෙත් කලාපීය ප්‍රදේශ සඳහා ග්‍රාහකය ලෙස නස් නාරං යොදා ගැනීම මඟින් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව පරීක්ෂණ මඟින් පෙනී ගොස් තිබේ.

සාර්ථක වූ බද්ධ සන්ධියක්

වගා පිළිවෙත්
අස්වනු නෙළීම
අස්වනු සැකසීම හා ඇසිරීම
රෝග හා පළිබෝධ හානි
ජමනාරන් වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු