ඇඹුල් දොඩම් (පැඟිරි කුලයේ ශාක)























වර්ගීකරණය : Plantae

රාජධානිය : Magnoliophyta

වංශය : Magnoliopsida

වර්ගය : Rosidae

ගෝත්‍රය : Sapindales

ඝනය : Citrus

විශේෂය : Aurantium

උද්භිද විද්‍යාත්මක නාමය : Citrus aurantium

හැදින්වීම

ආසියාවේ සම්භවය වූ බව විශ්වාස කෙරේ. මෙය බොහෝ විට විශාල වගා ලෙස දක්නට නොලැබෙන අතර ගෙවතු වගාවක් ලෙස දක්නට ලැබේ.

උද්භිද විද්‍යාත්මක ලක්ෂණෙ

  • අඩි 15-20ක් උසට වැඩෙන ශාකයකි.
  • ශාක වියන තදින් ඇහිරී නැත.
  • බෙහෝ විට කඳ කටු සහිතය.
  • පත්‍ර ඕවලාකාරය.
  • පත්‍ර වෘන්තය පළල් පියාපත් සහිත වන අතඑම පියාපත් පත්‍ර තලය ස්පර්ශව හෝ පත්‍ර තලය මත අතිපිහිත ආකාරයට පිහිටා නොමැත.

ඇඹුල් දොඩම් ශාකයක්

  • මල්වල විශාලත්වය පැණි දොඩම් මල් වලට සාපේක්ෂව විශාලය
  • ඵලයේ පොත්ත රළුය
  • පැසුණු ගෙඩියේ මැද සිදුරක් ඇත
  • ඵල බීජ සහිතය
  • යුෂ ලා කහ පැහැතිය
  • තද ඇඹුල් රසකින් හා තිත්ත රසකින් යුක්තය

පැසුණු ඵල හා බීජ

ප්‍රයෝජන

  • ආයූර්වේද ඖෂධ සඳහා බහුලව යොදි ගනී.
  • ගෙඩි මාමලේඩ් හා බීම වර්ග සෑදිමට භාවිත කරයි.
  • ඵලයේ පොත්ත වාෂ්පශීලී තෙල් වර්ග නිපදවීමට යොදා ගනී.
  • බීජ, බද්ධ පැණි දොඩම් හා ජමනාරං පැළ නිපදවීමේ දි ග්‍රාහකය ලෙස යොදා ගනී. නමුත් මෙය ට්‍රිස්ටීසියා වෛරස් රෝගයට පාත්‍රවීමේ නැඹුරුව වැඩි බැවින් ග්‍රාහක ලෙස යොදා ගැනීම සීමාකාරී වී ඇත.

ග්‍රාහක පැළ සදහා ගන්නා ඇඹුල් දොඩම් බීජ

ඖෂධීය ගුණ හා පෝෂණ සංයුතිය

මෙය ඉතා පහසුවෙන් ජීරණය විය හැකි ආහාරයකි. නිතිපතා එය ආහාරයට ගත්විට ශරීරයේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය දියුණු වේ. එය බාල මහළු සියළු දෙනාටම යෝග්‍ය පලතුරකි.

කැල්සියම් හා විටමින් “සී“ මනාව අඩංගු පලතුරකි.

පෝෂණ ගුණයෙන් පිරි ඇඹුල් දොඩම්

දේශගුණික අවශ්‍යතා

අඩු වායුගෝලීය තෙතමනය හා ගෙඩි මෝරණ අවධියේදි වියළි කාලගුණයක් තිබීම වගාවට අත්‍යාවශ්‍ය වේ.

පැසුණු ගෙඩිවල පැහැය ඇතිවීමට දිවා රාතී උෂ්ණත්වය අතර වෙනස බලපායි. මෙම වෙනස වැඩිවන තරමට ගෙඩිවල වර්ණය ඇති වේ. නමුත් ශ්‍රි ලංකාවේ මෙම වෙනස අඩු නිසා පැසුණු ගෙඩි ද කොළ පාටින් යුක්ත වේ.

පැසුණු ඇඹුල් දොඩම්

පාංශු අවශ්‍යතා

සාර්ථක වගාවක් ලබා ගැනීමට නම් බොරළු තට්ටුවලින් හෝ තද පස් තට්ටුවලින් තොර, හොදින් ජලවහනය සිදුවන, ලවන වර්ග නොමැති, පාංශු ජල මට්ටම මීටරයකට වඩා ගැඹුරින් ඇති මීටර් දෙකක් පමණ ගැඹුරු පසක් තිබිය යුතුය.

ලෝම පස් ඉතාමත් යෝග්‍යය. මෙයට අමතරව රතු දුඹුරු පස, රතු කහ පොඩ්සොලික් පස, රතු කහ ලැටසෝල් පස හා රෙගසෝල් පස වඩාත් සුදුසුය.

පාංශු pH අගය 5-6 අතර පැවතීම වඩාත් යෝග්‍ය වේ.

පැළ සිටුවීමට සකස් කරන ලද බිමක්